ආපදා සහන දෙන බව පවසමින් පුද්ගලික දත්ත රැස්කරන ජාවාරම්කාරයින් ගැන හෙළිදරව්වක්

ආපදා සහන දෙන බව පවසමින් පුද්ගලික දත්ත රැස්කරන ජාවාරම්කාරයින් ගැන හෙළිදරව්වක්

ආපදාවට පත් වූ ජනතාවට සහන සලසන බවට ප්‍රකාශ කරමින් සහ ආපදාවට පත්වූවන්ගේ පුද්ගලික තොරතුරු රැස් කරමින් කෙටි පණිවිඩ රාශියක් WhatsApp, Facebook ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවට නිරීක්ෂණය වී ඇති බව ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය කියයි.

මෙවැනි ව්‍යාජ පණිවිඩ සඳහා නොරැවටෙන ලෙසත් එවන් පාර්ශව වෙත තම පුද්ගලික තොරතුරු හුවමාරු කිරීමේන් වැළකී සිටින ලෙසත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පශ්චාත් ආපදා සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය දත්ත රැස්කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා අනුයුක්ත කර ඇති ක්ෂේත්‍ර නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් හරහා විධිමත්ව සිදුකරන බව ද අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.

මෙවැනි වංචනික ක්‍රියා සහ ජාවාරම් සිදු කරන පුද්ගලයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය කටයුතු කරන බව ද අමාත්‍යාංය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *