ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් සහනදායී වැඩපිළිවෙළක් රජය විසින් කඩිනමින් ආරම්භ කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේය. ඔහු පැවසුවේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් බොහෝ පිරිසක් පැවති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින බවයි.

