සියලුම පාසල්වල තෙවැනි වාරයේ වාර විභාග අවලංගු කෙරේ

සියලුම පාසල්වල තෙවැනි වාරයේ වාර විභාග අවලංගු කෙරේ

සියලු පාසල්වල තෙවැනි වාරයේ වාර විභාගය අවලංගු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා අද (09) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

නැවත පාසල් පරිසරයට දරුවන් අනුගත කර ඔවුන්ගේ මානසික සෞඛ්‍ය යහපත් කිරීම සඳහා සුදුසු ක්‍රියාකාරකම්වලට මූලිකත්වය ලබා දී කටයුතු කළ යුතු බැවින් වාර විභාග පැවැත්වීමකින් තොරව සිසුන් ඊළඟ ශ්‍රේණියට සිසුන් උසස් කිරීමට තීරණය කළ බව ඔහු පැවසුවේය.

කෙසේ නමුත් 11 ශ්‍රේණියේ සිසුන්ට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට පෙරහුරුවක් වශයෙන් එම ශ්‍රේණියට පමණක් ජනවාරි මස දී පෙරහුරු විභාගයක් පැවැත්වීමටත් නියමිතය.

2025 වර්ෂය සඳහා තෙවන වාර විභාගය අවලංගු කර ඇති බැවින් එම සිසුන්ගේ සාධන මට්ටම ඇගයීම සඳහා පන්ති මට්ටමින් ඇගයීම් වැඩසටහනක් ක්‍රියාත්මක කළ හැකි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *