ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) දහවල් 12.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එහි සභාපති කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත අතර විගණකාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද නම් සභාව විසින් මෙම රැස්වීමේදී සලකා බලනු ඇති බව වාර්තා වේ. ඒ අනුව, නව විගණකාධිපතිවරයෙකු පත් කිරීම පිළිබඳ තීරණයක් අද දින ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

