මත් කරල් 789,500ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මත් කරල් 789,500ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

වත්තල පොලිස් වසමේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ලොරි රථයක පෙට්ටි තුළ සූක්ෂ්ම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ මත් කරල් 789,500ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු  බුද්ධි තොරතුරකට අනුව ඊයේ (02) දහවල් මෙම වැටලීම සිදුකර ඇත. පොලිස් ස්ථානය අසල මාර්ග බාධකයේදී කොළඹ දෙසට ධාවනය වූ සැකකටයුතු ලොරි රථයක් නවතා පරීක්ෂා කිරීමේදී, එහි තිබූ පෙට්ටි 12ක් තුළ අසුරා තිබූ මෙම මත් කරල් තොගය හමුවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 33 සහ 37 යන වයස්වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මෙම මත්ද්‍රව්‍ය තොගය කොළඹ ප්‍රදේශයේ බෙදාහැරීම සඳහා රැගෙන ආවේද යන්න පිළිබඳව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් පවතින අතර, වත්තල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *