ශිරන්ති රාජපක්ෂ අද FCID යට කැඳවයි – නාමල් CIDයට කැඳවයි

ශිරන්ති රාජපක්ෂ අද FCID යට කැඳවයි – නාමල් CIDයට කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද (03) පෙ.ව. 09.30ට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

ඇයට මීට පෙර 2026 ජනවාරි 27 වන දින ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා FCID යට පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද  එදිනට පැමිණීමට නොහැකි බව ඇය තම නීතිඥවරයා මාර්ගයෙන් පොලිසියට දන්වා සති දෙකක කාලයක් ඉල්ලා සිටියාය.

මේ අතර නාමල් රාජපක්ෂට අද (03) අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

නාමල් රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර සිතාසි නිකුත් කර තිබුණත් ඒ වන විට ඔහු විදේශගතව සිටි බැවින්, ඔහු නැවත කාලසටහන්ගත දිනයක් ඉල්ලා සිටි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අද සිතාසි නිකුත් කරන ලදී.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *