මෙරට ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ භාවිතයට නොමැති බ්‍රවුනින් වර්ගයේ ගිණිඅවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරු වෙක් රාගමදී අත් අඩංගුවට

මෙරට ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ භාවිතයට නොමැති බ්‍රවුනින් වර්ගයේ ගිණිඅවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරු වෙක් රාගමදී අත් අඩංගුවට

විදෙස්ගතව සිට මෙරට අපරාධ මෙහෙයවන හීනටිගල මහේෂ් සහ ගොනා කෝවිලේ රොහා යන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් සමඟ සමීප ඇසුරක් පවත්වන ඔවුන්ගේ ගෝලයෙකු බවට හදුනාගත් සැකකරුවෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ අධ්යක්ෂ රොහාන් ඕලුගල මහතා ගේ උපදෙස් මත එම කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් පසුගිය පළමුවනදා රාගම පොලිස් බලප්රදේශයේ සිදුකල වැටලීමකදී විදේශිය රටක නිෂ්පාදිත ගිණිඅවියක් සමඟ අත් අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ රාගම ඇටකොරස ප්රදේශයේ පදිංචි මුතුමුණි සජිත් ලක්ෂාන් දර්ශන ද සිල්වා නැමති 33හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු 02වනදා මහර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 09 වනදා දක්වා රක්ෂිත බංධනාගාර ගත කර ඇත.
අත් අඩංගුවට ගත් ඉතාලියේ නිෂ්පාදිත බ්රවුනින් වර්ගයේ ගිණිඅවිය මෙරට ත්රිවිධ හමුදාවේ හෝ පොලීසියේ භාවිතයේ නොමැති අළුත්ම වර්ගයේ ගිණිඅවියක් යැයි විමර්ශන නිලධාරීන් පැවසූහ.මෙම ගිණිඅවිය සමඟ එයට භාවිතා කරන ජීව උණ්ඩ දෙකක්ද සැකකරු සන්තකයේ තිබී පොලිසිය භාරයට ගෙන ඇත.

කුසුම් එස් හැන්නදි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *