ඉරාන – ඊශ්‍රායල් සටන් විරාමය අහෝසි ද

ඉරාන – ඊශ්‍රායල් සටන් විරාමය අහෝසි ද
ආරක්ෂක ස්ථානවලට යන ලෙස ඊශ්රායලයෙන් එරට ජනතාව වෙත අනතුරු ඇඟවීම් නිකුත් කොට ඇත. එලෙස අනතුරු අඟවා ඇත්තේ, ඉරානය විසින් නව මිසයිල ප්රහාර රැසක් නිකුත් කිරීමට සූදානම්ව සිටින නිසයි.
ඒ අනුව ඊශ්රායලයෙහි ප්රදේශ කිහිපයක ගුවන් ප්රහාරක සයිරන් සක්රියව ඇති බව ද වාර්තා වේ.
සටන් විරාමයකට දෙරට එකඟ වී ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් ප්රකාශකර තිබියදීත් මෙම නව ප්රහාර මාලාව මෙලෙස එල්ල වන බව සඳහන් වේ.
අලුත්ම දැනුවත් කිරීම් අනුව ඊශ්රායලයෙහි ටෙල් අවිව්හී පිපිරීම් හඬවල් වාර්තා වන බව විදෙස් මාධ්ය තොරතුරු ඔස්සේ අනාවරණය වෙමින් පවතී.

දමයන්ති
author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *