ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් ශ්‍රී ලංකා පළමු තරගය අද

ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් ශ්‍රී ලංකා පළමු තරගය අද

රටවල් අටක සහභාගිත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවර දී මේ මස 13 සිට 22 දක්වා පැවැත්වෙන ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායම මූලික වටයේ දී තරග තුනකට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම මේ මස 14 වැනිදා බංග්ලාදේශය සමගත් 16 වැනිදා මැලේසියාව සමගත් 18 වැනිදා තායිලන්තය සමගත් තරග වැදීමට නියමිතය.

මේ තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අට වනුයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බංග්ලාදේශය, නේපාලය සහ තායිලන්තයයි.

කණ්ඩායම් අට ‘ඒ‘ සහ ‘බී‘ යනුවෙන් කොටස් දෙකකට බෙදා ඇති අතර ‘ඒ‘ කොටසට ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ නේපාලයත් ‘බී‘ කොටසට බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, මැලේසියාව සහ තායිලන්තයත් අයත් වේ.

තරගාවලිය සංවිධානය කරනුයේ ආසියානු ක්‍රිකට් කවුන්සලය සහ තායිලන්ත ක්‍රිකට් සංගමයයි. සියලු තරග පැවැත්වෙනුයේ ද ටෙරා තායි ක්‍රිකට් (TCG) ක්‍රීඩාංගණයේ දී ය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම මේ තරගාවලියේ දී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට අයත් ව සිටිති. ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමේ කඩුලු රකින්නිය වන අනුෂ්කා සංජීවනී , හංසිමා කරුණාරත්න, චේතනා විමුක්ති, සචිනි නිසංසලා, අමා කාංචනා, සත්‍යා සංදීපනී, රශ්මි සිල්වා සහ මල්ෂා ශෙහානි එම ක්‍රීඩිකාවෝය. කණ්ඩායමේ නායිකාව වනුයේ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනී ය.

සම්පත් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම් පුහුණුකරු ලෙසත් ෂෙහාන් කුලතුංග කළමනාකරු ලෙසත් කටයුතු කරති. දිනකට තරග දෙකක් පැවැත්වෙන අතර උදයවරුවේ තරගයක් සහ සවස්වරුවේ තවත් තරගයක් ඊට අයත් ය. ප්‍රථම තරගය 13 වැනිදාත් අවසාන පූර්ව තරග දෙක 20 වැනිදාත් අවසාන තරගය 22 වැනිදාත් පැවැත්වේ. 21 වැනිදා විවේක දිනයයි.

ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම – අනුෂ්කා සංජීවනී (නායිකාව) හංසිමා කරුණාරත්න (උපනායිකාව) ශ්‍යාමිසේනාරත්න, චේතනා විමුක්ති, සත්‍යාසංදීපනී, සචිනි නිසංසලා, රශ්මි සිල්වා, අමා කාංචනා, මිතාලි අයෝධ්‍යා, ශෂිනි ගිම්හානි, මල්ෂා ශෙහානි, සංජානා කාවින්දි, ළිහිණි අප්සරා, නෙත්මි සේනාරත්න සහ යසන්ති හේරත්

තරග කාලසටහන

දිනය තරගය
පෙබරවාරි 13 පාකිස්තානය සහ නේපාලය අතර පෙරවරුවේදී
  ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් අතර පස්වරුවේදී
පෙබරවාරි 14 මැලේසියාව සහ තායිලන්තය අතර පෙරවරුවේදී
  බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පස්වරුවේදී
දිනය තරගය
පෙබරවාරි 15 එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ නේපාලය අතර පෙරවරුවේදී
ඉන්දියාව සහ පාකිස්තානය අතර පසවරුවේදී
පෙබරවාරි 16 ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පෙරවරුවේද්‍ර
බංග්ලාදේශය සහ තායිලන්තය අතර පස්වරුවේදී
පෙබරවාරි 17 ඉන්දියාව සහ නේපාලය අතර පෙරවරුවේදී
පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පස්වරුවේදී
පෙබරවාරි 18 බංග්ලාදේශය සහ මැලේසියාව අතර පෙරවරුවේදී
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පස්වරුවේදී
පෙබරවාරි 19 විවේක දිනය
පෙබරවාරි 20 අවසන් පූරව තරග – පෙ.ව. සහ ප.ව.වේදී
පෙබරවාරි 21 විවේක දිනය
පෙබරවාරි 22 අවසන් මහ තරගය
author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *