සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය – ජනපති සමඟ සාකච්ඡා කළත් උපවාසය දිටම

සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය – ජනපති සමඟ සාකච්ඡා කළත් උපවාසය දිටම

අද (03) උදෑසන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සාකච්ඡාවක් ලබා දුන්න ද සිය මාරාන්තික උපවාසය අඛණ්ඩව අද දිනයේත් ක්‍රියාත්මක කරන බව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා පැවසුවේය.

වසර හතක සිට පාසල්වල ඉගැන්වීම් සිදු කරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට මේ වන විට දින 09ක් ගත වී ඇත.

පසුගිය කිහිපය පුරා මාරාන්තික උපවාසයට එක් වූ පුද්ගලයින් 7දෙනාගෙන් 6දෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම හේතුවෙන් ඔවුන් අවස්ථා කිහිපයකදී රෝහල්ගත කර ඇත.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *