අඟුලාන‌ සයුර මහල් නිවාස සංකීර්ණයේ කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට

අඟුලාන‌ සයුර මහල් නිවාස සංකීර්ණයේ කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට

පසුගිය 26 වැනිදා අඟුලාන‌ සයුර මහල් නිවාස සංකීර්ණයේ දී පහරදී කාන්තාවක් ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

ඒ අනුව පහර දී ඝාතනයට සැකකරු වන එම පුද්ගලයා හඹා ගිය අගුලාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් ඊයේ (28) සැකකරු ප්‍රදේශයෙන් පළා යමින් සිටයදී අත්අඩංගුවට ගෙන තිබේ.    

සැකකරු සයුරුපුර, අඟුලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක් වන තරුණයෙකි. අඟුලාන  පොලිසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.

අඟුලාන‌ සයුර මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලක තිබී පහරකෑමට ලක්ව මිය ගිය කාන්තා මළ සිරුරක් සොයා ගැනීමට හැකි වන්නේ  ඊයේ (28) සවස අගුලාන පොලිස් ස්ථානය වෙත ලද දුරකථන ඇමතුමක් අනුවයි.

විමර්ශනයේදී ඇය වාද්දූව, කුඩාවස්කඩුව ප්‍රදේශයේ ස්ථීර පදිංචිකාරියක් වන 24 හැවිරිදි කාන්තාවක් බවත් පසුගිය 26 දින සවස් කාලයේ සිට මෙම මහල් සංකීර්ණයේ නිවස තුළ ඇය නවාතැන් ගෙන සිටි පුද්ගලයා සමඟ ආරවුලක් ඇතිකර ගෙන ඇති බව අසල්වාසීන් විසින් පැවසූ කරුණු අනුව අනාවරණය වී ඇත.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *