රුපියල් 2000 මුදල් නෝට්ටුව ගැන මහ බැංකු අධිපති කළ විශේෂ ප්‍රකාශය

රුපියල් 2000 මුදල් නෝට්ටුව ගැන මහ බැංකු අධිපති කළ විශේෂ ප්‍රකාශය

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් සංසරණයට නිකුත් කරන ලද රුපියල් 2000 නෝට්ටුවට සමාන ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ පවතින බවට වාර්තා කිහිපයක් ඇති බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.

මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ පළමු මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය සම්බන්ධයෙන් ඊයේ (28) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ය.

නව මුදල් නෝට්ටුවක් මුදල් සැපයුමට හඳුන්වා දුන් විට එවැනි ගැටලු ඇතිවීම සාමාන්‍ය දෙයකි. රුපියල් 2000 නෝට්ටුවේ බොහෝ රහස් ලක්ෂණ අඩංගු වේ. ව්‍යාජ රුපියල් 2000 නෝට්ටු සංසරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව ද මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *