කටුනායකදී කුෂ් සහ හෂීස් සමඟ සැකකරුවන් දෙදෙනෙකු දැලේ

කටුනායකදී කුෂ් සහ හෂීස් සමඟ සැකකරුවන් දෙදෙනෙකු දැලේ

ගුවන් මගින් ශ්‍රී ලංකාවට රැගෙන එන ලද කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපල ඒකකය සමත්ව තිබේ.

ඊයේ (25) උදෑසන කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී සිදුකළ විශේෂ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙම මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සොයාගෙන ඇත

  • පළමු සැකකරු: කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 162 ක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 912 ක් සන්තකයේ තිබී ඇත.
  • දෙවන සැකකරු: කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06 ග්‍රෑම් 230 ක් සන්තකයේ තිබී ඇත.
  • සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය: කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10 ග්‍රෑම් 392 ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 912 කි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම අවුරුදු 30ක් වයසැති කොට්ටාරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය තහවුරු කර ඇත. මොවුන් විදේශයක සිට මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන එන්නට ඇති බවට සැක කෙරේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොල ඒකකය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *