හිරිකැටිය මුහුදු තීරයේ දියවැළකට හසුව ගසාගෙන ගිය පුද්ගලයෙකු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගනී

හිරිකැටිය මුහුදු තීරයේ දියවැළකට හසුව ගසාගෙන ගිය පුද්ගලයෙකු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගනී

දික්වැල්ල, හිරිකැටිය මුහුදු තීරයේ දියනෑමට ගොස් දියවැළකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටි පුද්ගලයෙකු, වෙරළේ රාජකාරියේ නිරතව සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (25) සවස ඉතා සූක්ෂ්ම ලෙස බේරාගෙන තිබේ.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ පස්වරුවේ හිරිකැටිය වෙරළ තීරයට පැමිණි මොහු දියනෑමට ගිය අවස්ථාවේදී ප්‍රබල දියවැළකට හසුවී වේගයෙන් ගැඹුරු මුහුද දෙසට ගසාගෙන ගොස් ඇත. ඒ අවස්ථාවේදී වෙරළේ රාජකාරියේ නිරතව සිටි දික්වැල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඔහු බේරාගැනීමට කටයුතු කර ඇත.

ජීවිතය බේරාගැනීමට දායක වූ නිලධාරීන්:

  • පොලිස් සැරයන් (37290) සේනාරත්න
  • පොලිස් සැරයන් (67166) සඳරුවන්
  • පොලිස් කොස්තාපල් (101321) ජයසුන්දර

මුහුදෙන් ගොඩගත් පුද්ගලයාට නිලධාරීන් විසින් වහාම අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබාදීමටද කටයුතු කර ඇත. පොලිස් නිලධාරීන්ගේ කඩිනම් මැදිහත්වීම හේතුවෙන් සිදු වීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකි වී තිබේ.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *