නිවසේ සේවිකාව නිරුවත් කරමින් වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

නිවසේ සේවිකාව නිරුවත් කරමින් වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදා  ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තාවක් අපයෝජනයකට ලක් කරන වීඩියෝපටයක් සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය විසින් සැකකරුවෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

පිරිමියෙකු විසින් කාන්තාවක් නිරුවත් කරන ආකාරයේ වීඩියෝපටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරියගේ උපදෙස් හා නියෝග පරිදි සිදුකළ විමර්ශන අනුව අදාළ වින්දිත පාර්ශවයන් හඳුනාගෙන ඇත.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සැකකරු සිය නිවසේ සේවිකාවක් වශයෙන් කටයුතු කරන ලද කාන්තාවක්, පිරිසක් ඉදිරියේ එම නිවසේදී නිරුවත් කර එය වීඩියෝ පටිගත කර වට්ස් ඇප් සමූහයක් ඔස්සේ සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් අද (19) දින නිකුත් කළ සිද්ධියට අදාළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *