ආණ්ඩුව දුන් පොරොන්දු කඩ කළා – GMOA අලුත්ම පියවර නිවේදනය කරයි

ආණ්ඩුව දුන් පොරොන්දු කඩ කළා – GMOA අලුත්ම පියවර නිවේදනය කරයි

ජනවාරි 23 වැනිදා සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය ක්‍රියමාර්ග ආරම්භ කිරීමට  අද (19) දින පැවැති විධායක කමිටු රැස්වීමේදී තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

2026 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා තුළින් වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවාවේ සැබෑ ගැටලු සඳහා විසදුම් නොලැබීම නිසා වෛද්‍ය ප්‍රජාව තුළ දැඩි නොසන්සුතාවක් නිර්මාණය වූ බව ද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් තමන් විසින් සිදු කිරීමට යෝජිත වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කළේය.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *