වේගය මරුවා කැඳවයි – මාර්ගයෙන් ඉවතට ගිය යතුරු පැදියේ පැදිකරු ජීවිතක්ෂයට

වේගය මරුවා කැඳවයි – මාර්ගයෙන් ඉවතට ගිය යතුරු පැදියේ පැදිකරු ජීවිතක්ෂයට

හොරණ පොලිස් වසමේ හොරකැටිය මීවනපලාන මාර්ගයේ කළුගහහේන ප්‍රදේශයේ දී ඊයේ (25) මීවනපලාන දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගල් බැම්මක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පැදිකරු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 22ක් වූ මිරිස්වත්ත, පැලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *