ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව තේරීම් කමිටු සභාපති ධූරය ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව තේරීම් කමිටු සභාපති ධූරය ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව තේරීම් කමිටු සභාපතිවරා ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහ 1996 ලෝක කුසලාන ජයග්‍රහණය කරන ලද කණ්ඩායමේ සාමාජික ප්‍ර මෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත් කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරයට පත් වූ දෙවැනි අවස්ථාව ලෙසින්ද මෙය සනිටුහන් වනු ඇත.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම තේරීම් කමිටුවේ සාමාජියින් ලෙස ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන, විනෝදන් ජෝන් සහ රසාංජලී ද අල්විස් මහත්ම මහත්මීන් ඇතුළත්ව සිටිති.

1973 අංක 25 දරණ ක්‍රීඩා නීතියේ 39-1 ක වගන්තියට ප්‍රකාරව සහ 2437/24/2025 මැයි 21 අති විශේෂ ගැටස් පත්‍රය අනුව ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින් මෙම පත්වීම සිදු කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

උපුල් තරංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුවේ නිල කාලය නිමාවීම හේතුවෙන් නව තේරීම් කමිටුව පත් කිරීමට කටයුතු යෙදිණ. කෙසේ වෙතත් එම කමිටුවේ සාමාජිකයින්ව සිටි ඉන්දික ද සේරම් සහ තරංග පරණවිතාන යන මහත්වරුද නව කමිටුවේ සාමාජිකයින් වීම කැපී පෙනෙයි.

srilankacricket.lk

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *