තෙල් සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනීම: අල්ලස් කොමිෂමේ නිල නිවේදනය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (16) නිල නිවේදනයක් නිකුත් කළේය. එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව, එවකට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති වශයෙන්, 2017 – 2018 වර්ෂ සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඉන්ධන මිල දී ගැනීමට නියමිතව තිබූ දිගුකාලීන ටෙන්ඩර් 03ක් අවලංගුකොට, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් ක්‍රියාත්මක කිරීමට සිදු වීම තුළින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදු කිරීමේ දූෂණ චෝදනා මත ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.12.15 වන දින පෙ.ව.11.15 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *