බදු පදනම පුළුල් කිරීම සහ ආදායම ඉහළ නැංවීම ගැන දේශීය ආදායම් සහ මුදල් අමාත්‍යාංශය සාකච්ඡාවක

බදු පදනම පුළුල් කිරීම සහ ආදායම ඉහළ නැංවීම ගැන දේශීය ආදායම් සහ මුදල් අමාත්‍යාංශය සාකච්ඡාවක

බදු පදනම පුළුල් කිරීම, බදු ගොනු කිරීමේ ක්‍රියාවලිය සරල කිරීම සහ නිලධාරිවාදී බාධක අඩු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වූ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූ බව ද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ස්වේච්ඡා බදු අනුකූලතාව දිරිමත් කිරීමට සහ බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ මුලපිරීම් වේගවත් කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බව මුදල් අමාත්‍යාංශය පැවසීය.රැස්වීම අතරතුර, නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් දී තිබුණේ වාර්තා ගොනු කිරීමේදී බදු ගෙවන්නන්ට ඇතිවන අපහසුතාවයන් අවම කරන ලෙසත්, හැකිතාක් සරල කරන ලෙසත්ය.

වාර්ෂික ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ප්‍රායෝගික සැලැස්මක් ද ඔහු ඉල්ලා සිටියේය. 2025 වසර සඳහා රජයේ සංශෝධිත බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා උපාය මාර්ග කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු යොමුකර තිබුණේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *