පශ්චාත් ආපදා සමයේ මිල ඉහළ යාම පාලනය කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුව විශේෂ තීන්දු ගනී

පශ්චාත් ආපදා සමයේ මිල ඉහළ යාම පාලනය කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුව විශේෂ තීන්දු ගනී

වෙළෙඳපොළ තුළ කෘතිමව ඇති කරන ලද මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා අල, ළුෑණු සහ පරිප්පු යන ආහාර ද්‍රව්‍ය, ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් ආනයනය කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුවේ අවධානය යොමුවී ඇත.

එම ආහාර ද්‍රව්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ ලංකා සතොස අලෙවි සැල් ජාලය සහ සමුපකාර අලෙවි සැල් ජාලය හරහා පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිළිබඳව ද ඊයේ (10) රැස් වූ ආහාර සුරක්ෂිතා කමිටුව සාකච්ඡා කළේය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආහාර සුරක්ෂිතතා කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්විය.

වගා බිම්වලට සිදුවූ හානිය උපයෝගී කරගනිමින් ඇතැම් වෙළෙඳුන්, වෙළෙඳපොළ තුළ කෘතිම ලෙස මිල ඉහළ නැංවීමක් සිදු කිරීමට ගන්නා උත්සාහයන් ව්‍යර්ථ කිරීම සඳහා අවශ්‍ය තීරණයන් ගැනීමට ආහාර සුරක්ෂිතා කමිටුව පියවර ගත්තේය.

මෙම පශ්චාත් ආපදා සමයේ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුම හා මිල තත්ත්වයන් සම්බන්ධයෙන් ද ආහාර සුරක්ෂිතතා කමිටු සාකච්ඡා කළ අතර දිට්වා සුළි කුණාටුවත් සමඟ රටට බලපෑ ආපදා තත්ත්වය හමුවේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ආහාර සුරක්ෂිතා කමිටුව සතිපතා රැස්වීමට ද තීරණය කළේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *