හානියට පත් මාර්ග වලින් 91%ක් පිළිසකර කර අවසන් – RDA අධ්‍යක්ෂ ජනරාල්

හානියට පත් මාර්ග වලින් 91%ක් පිළිසකර  කර අවසන් – RDA අධ්‍යක්ෂ ජනරාල්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්වය නිසා හානියට පත් වූ මාර්ග 91%ක් ගමනා ගමනයට සුදුසු පරිදි පිළිසකර කර අවසන් බව  මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩබ්.කන්ඩම්බි මහතා පැවසීය.

ඒ අනුව ආපදාව නිසා හානියට පත් වූ මාර්ග කොටස් 315 න් මාර්ග කොටස් 288ක් මේ වන විට නැවත ගමනාගමනයට යොදවා ඇති බව ඔහු සඳහන් කළේය.

හානියට පත් වූ පාලම් 40 න් 15ක් ප්‍රතිසංස්කරණ කටයුතු නිම කරමින් රථවාහන ගමනාගමනයට යොදවා ඇති බවත්,පාලම් 10 ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතන බව ද ඔහු වැඩිදුරත් පැවසීය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *