නුවරඑළියේ එළවළු ඉල්ලුම සහ සැපයුම ගැන නිලධාරීන් ජනපතිට කළ හෙළිදරව්ව

නුවරඑළියේ එළවළු ඉල්ලුම සහ සැපයුම ගැන නිලධාරීන් ජනපතිට කළ හෙළිදරව්ව

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය සහ ඊට ගත යුතු පියවර ජනපතිගේ අවධානයට

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සිදුව තිබෙන හානිය සොයා බැලීම සහ ඊට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැඳවන ලද විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ වගකිවයුතු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (08) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

අයහපත් කාලගුණය නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගා හෙක්ටයාර් 1421කට හානි සිදුව තිබෙන අතර, ගොවීන්ට කඩිනමින් වන්දි ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

වගා හානි සිදුවුව ද නුවරඑළිය දිස්ත්‍රික්කයට අදාළ එළවළු අස්වැන්නෙහි අඩු වීම 25%ක් පමණ වන බව පෙන්වා දුන් නිලධාරීන් කියා සිටියේ දෛනික එළවළු සැපයුම නුවරඑළිය දිස්ත්‍රික්කයට සිදුකළ හැකි නමුත්, දෛනික ඉල්ලුමෙහි අඩුවීමක් නිරීක්ෂණය වන බවයි.

එයට හේතුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු හිඟ බවට මෙන්ම මිල ගණන් ඉහළ ගොස් ඇති බවට පළවන අසත්‍ය පුවත් බව නිලධාරීහු වැඩිදුරටත් ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *