දිට්වා සුළි කුණාටුව රට පුරා මාර්ග සහ පාලම් වලට කළ හානිය හෙළි කරයි

දිට්වා සුළි කුණාටුව රට පුරා මාර්ග සහ පාලම් වලට කළ හානිය හෙළි කරයි

සුළි කුණාටුවෙන් රට පුරා A- සහ B ශ්‍රේණියේ මාර්ග කිලෝමීටර් 247ක් පමණ හානි වෙලා

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රට පුරා A- සහ B ශ්‍රේණියේ මාර්ග කිලෝමීටර් 247ක් පමණ හානි වී ඇති බවත්, පාලම් 40ක් විනාශ වී ඇති බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශය  සඳහන් කරයි.

හානියට පත් මාර්ග කොටස් 256 න් 175ක් දැන් ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව අමාත්‍යාංශය තවදුරටත් වාර්තා කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ඊයේ (04) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය විය.

දිට්වා සුළි කුණාටුවෙන් පාලම් සහ මහාමාර්ගවලට සිදු වූ හානියේ ප්‍රමාණය සමාලෝචනය කිරීම සහ ඒවා ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය හදිසි පියවර තක්සේරු කිරීම සඳහා මෙම රැස්වීම කැඳවන ලදී.

නායයෑම්, ගංවතුර සහ ඉහළ ජල මට්ටම් හේතුවෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ මාර්ග සහ පාලම් අලුත්වැඩියා කිරීම, ප්‍රතිසංස්කරණය සඳහා ඇස්තමේන්තුගත කාලරාමු සහ අවශ්‍ය අරමුදල් වෙන් කිරීම පිළිබඳව සවිස්තරාත්මක සාකච්ඡා පැවැත්විණි.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *