ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා උපරිම සහයෝගය දෙනවා – මාලදිවයින් ජනාධිපති

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා උපරිම සහයෝගය දෙනවා – මාලදිවයින් ජනාධිපති

මාලදිවයිනේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව් ජනතාව මුහුණ දුන් දරුණු ආපදා තත්ත්වය පිළිබඳව සිය ශෝකය පළ කළේය.

ආපදාවන්ට ගොදුරු වූවන්ට සහ නැවත ගොඩනැගීමේ ශ්‍රී ලංකාව සඳහා සහන සැලසීමට උපරිම සහයෝගය ලබා දෙන බව මාලදිවයිනේ ජනාධිපතිවරයා ද පැවසීය.

අද (04) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගත් මාලදිවයිනන් ජනපතිවරයා පැවසුවේ මෙම දුෂ්කර අවස්ථාවේදී මාලදිවයින් රජය සහ ජනතාව ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ අත්වැල් බැඳගන්නා බවයි.

මෙහිදී ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා අවධාරණය කළේ තම සහෝදරත්වය ශ්‍රී ලංකාව කිසි විටෙකත් තනි නොකරන බවයි.

සෑම දුෂ්කර අවස්ථාවකදීම මාලදිවයිනට, ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය අගය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මෙම කාලය තුළ මාලදිවයිනේ රජය සහ ශ්‍රී ලංකා ජනතාව ලබා දුන් හෘදයාංගම සහයෝගය ද ප්‍රකාශ කළේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *