ජනාධිපතිවරයා සහ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අතර හමුවක්

ජනාධිපතිවරයා සහ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අතර හමුවක්

අනතුරුදායක ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ස්ථිර විසඳුමක් අවශ්‍යයි – ජනපති අනුර

නිසි ක්‍රමවේදයට අනුව පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස හඳුනා ගෙන වන්දි ගෙවීම සඳහා අවශ්‍ය නිවැරදි දත්ත කාර්යක්ෂමව ලබා ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අනුර කුමාර දිසානායක මහතා සහ නිවාස සංවර්ධන අධිකාරියේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් අද (04) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස සහ ඒ ආශ්‍රිත වන්දි ක්‍රියාවලිය විමර්ශනය කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවන ලදී.

අනතුරුදායක ප්‍රදේශවල ජීවත්වන ජනතාවට එවැනි ව්‍යසනයකින් ගොඩ ඒම වළක්වා ගැනීම සඳහා දිගු කාලීන විසඳුමක් ලබා දීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ සඳහා නිවැරදි දත්ත හඳුනා ගන්නා ලෙස නිලධාරීන්ට ද උපදෙස් දුන්නේය.

නායයෑම් හේතුවෙන් නිවාස 1289 ක් සම්පූර්ණයෙන්ම හානි වී ඇති බවත් නිවාස 44,574ක් අර්ධ වශයෙන් හානි වී ඇති බවත් නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පෙන්වා දුන්හ.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *