ආපදාවට පත් ප්‍රදේශවල ගළවා ගැනීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මකයි – යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක

ආපදාවට පත් ප්‍රදේශවල ගළවා ගැනීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මකයි – යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක

කොත්මලේ, මීමුර, රම්බොඩ, නාවලපිටිය ඇතුළු ආපදාවට පත් වූ ප්‍රදේශවල විපතට පත් පුද්ගලයින් සොයා ත්‍රිවිධ හමුදාව තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ මහතා පැවසීය.

ජාතික ආපදා  සහන සේවා මධ්‍යස්ථානයේ අද (02) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.

අනාරක්ෂිත තත්වයේ පසු වූ පුද්ලයින් 221 දෙනෙකු මේ වන විට යුධ හමුදාව විසින් බේරාගෙන ඇති බවත් ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇතැයි ද ඔහු පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ ජල සැපැයුම අඩාල වී තිබූ අතර, යුධ හමුදාව විසින්  මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය ජලය බවුසර් මගින් බෙදාහරින බවත්,  බොහෝ විට මහනුවර දිස්ත්‍රික්කයේ ජල සැපැයුම අද දිනය තුළ යථා තත්ත්වයට පත්කළ හැකි වනු ඇතැයිද  යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

බස්නාහිර පළාත තුළ ද  පුද්ගලයින් 14,978කට අධික ප්‍රමාණයක් සුරක්ෂිතතා මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවත්, මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ සුරක්ෂිතතා මධ්‍යස්ථාන 130ක් පමණ ක්‍රියාත්මක  කර ඇතැයි ඔහු පැවසුවේය.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *