කැළණි ගගේ ජල මට්ටම තව දුරටත් ඉහළට – ප්‍රදේශ ගණනාවක ජනතාව වහාම ඉවත් වන ලෙස උපදෙස්

කැළණි ගගේ ජල මට්ටම තව දුරටත් ඉහළට – ප්‍රදේශ ගණනාවක ජනතාව වහාම ඉවත් වන ලෙස උපදෙස්

කැලණි ගගේ ජල මට්ටම මේ වන විට තව දුරටත් ඉහළ යින් පවතින බව වාරිමාර්ග  දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. අද (30) පෙරවරු 11.00 වන විට නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටම අඩි 7.4ක් දක්වා ඉහළ ගොස් තිබූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේය.

මේ අතර කැලණි ගඟේ ජල මට්ටම මේ වනවිට ඉහළ යාම හේතුවෙන් කඩුවෙල – මාලබේ,  අතුරුගිරිය –  මාලබේ සහ මාලබේ සිට බත්තරමුල්ල දක්වා මාර්ගයන්හි පහත්බිම්වල ජනතාවට අදාළ පහත් බිම් ප්‍රදේශවලින් ඉවත්වන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා මෙලෙස දැනුම්දී තිබේ.

අවතැන් වන මෙ ජනතාවට මාලබේ ආදර්ශ පිරිමි විද්‍යාලයට හා පිට්ටුගල යශෝදරා මහා විද්‍යාලයට යන ලෙස  කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *