වෘත්තීය විභාග දෙකක් කල් යයි – සරසවි වසා දැමීමේ බලය උප කුලපතිවරුන්ට

වෘත්තීය විභාග දෙකක් කල් යයි – සරසවි වසා දැමීමේ බලය උප කුලපතිවරුන්ට

රෙජිස්ටාර් ජනරාල් සේවයේ I පන්තියේ III ශ්‍රේණියට අයත් සීමිත විෂය ධාරාව යටතේ බඳවා ගැනීමේ තරග විභාගය සහ නොවැම්බර් මස 30 වැනි දින අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ තාක්ෂණික නොවන කාණ්ඩයේ III ශ්‍රේණියේ ක්‍රීඩා පුහුණු කරන නිලධාරීන්ගේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය ද කල් දමා තිබේ.

මේ අතර පවතින ආපදා තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වසා තැබීම පිළිබඳ බලය එම උපකුලපතිවරුන්ට ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පවසීය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙ‍විරත්න මහතාගේ සහභාගීත්වයෙන් අද (27) පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

මේ සාකච්ඡාව සඳහා අධ්‍යාපන ලේකම් නාලක කලුවැව, ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන් ද සහභාගී වූහ.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *