ආපදාවට ලක් වූ සියලුම දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරු සහ ජනපති අතර හදිසි හමුවක්

ආපදාවට ලක් වූ සියලුම දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරු සහ ජනපති අතර හදිසි හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආපදාවට ලක්ව ඇති සියලුම දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (27) උදෑසන 9.30ට විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවා තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක විසින් රට තුළ ඇති වී තිබෙන ආපදා තත්ත්වයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මේ බව පැවසීය.

අද දහවල් වනවිට මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ අදාළ අංශවල අමාත්‍යවරු මහනුවරට සහ නුවරඑළිය ප්‍රදේශවලට යැවීමට නියමිත බව ද බිමල් රත්නායක සඳහන් කළේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *