අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 09ක් – නාය යාමේ අනතුර තව දුරටත්

අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 09ක් – නාය යාමේ අනතුර තව දුරටත්

පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් හේතුවෙන් මරණ 09ක් වාර්තා වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම මරණ අතර පහළ කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් මියගිය පුද්ගලයින් 06 දෙනා ද සිටී.

මේ අතර ආපදා කළමනාරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ පැවති වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී ඇති අතර මාර්ගවලට ගල් පෙරළීමේ සිදුවීම් කිහිපයක් ද වාර්තා වී ඇති බවයි.

  • නාය යාමේ අනතුරු

දිස්ත්‍රික්ක 10ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇගවීම් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කරයි. ඒ අනුව කොළඹ, කළුතර, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර, බදුල්ල, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇගවීම් තවදුරටත් දීර්ඝ කර ඇත.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *