කෝටි හතරක කුෂ් තොගයක් කටුනායකින් පන්නන්න ගිය හතරක් අත්අඩංගුවට

කෝටි හතරක කුෂ් තොගයක් කටුනායකින් පන්නන්න ගිය හතරක් අත්අඩංගුවට

රුපියල් කෝටි හතරක් වටිනා කුෂ්මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තොටුපළෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කළ මගීන් තිදෙනෙකු ඊයේ (19) රාත්‍රියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් පිළිවෙළින් කොළඹ 12, කොළඹ 15 සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 34, 26 සහ 26 යන වයස්වල පසුවන අතර, ඔවුන් සියලු දෙනාම කුලී රථ රියදුරන් ලෙස සේවය කරති. නොවැම්බර් 19 වන දින රාත්‍රී 8:30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-315 ගුවන් යානයෙන් සැකකරුවන් පැමිණ ඇත.

ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඔවුන්ගේ ගමන් මඝුවල සියලුම ගුවන්තොටුපළ පරීක්ෂාවන් අවසන් කිරීමෙන් පසු පැකේජ හතරක සඟවා තිබූ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 22ක් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *