ගෝලීය මිල ඉහළ යාමත් සමඟ දේශීය රන් මිලේ වාර්තාගත ඉහළ යාමක්

ගෝලීය මිල ඉහළ යාමත් සමඟ දේශීය රන් මිලේ වාර්තාගත ඉහළ යාමක්

ගෝලීය වෙළෙඳපොළේ රත්‍රං මිල සැලකිය යුතු ඉහළ යාමක් පිළිබිඹු කළ අතර අද දින (13) රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,212 ඉක්මවා ගියේය. මීට සමගාමීව දේශීය රත්‍රං මිල ද එක් දිනක් ඇතුළත රුපියල් 9700කින් පමණ ඉහළ ගියේය.

නව වාර්තා අනුව කොළඹ හෙටිට්වීදි රන් වෙළඳපොලේ කැරට් 22ක රන් පවුමක මිල ඊයේ රුපියල් 301,500ක් වූ අතර අද දින එය රුපියල් 310,800ක් ලෙස වාර්තා විය.

පසුගිය අඟහරුවාදා රුපියල් 326,000ක්ව පැවැති කැරට් 24 රන් පවුමක මිල අද දින රුපියල් 336,000 දක්වා ඉහළ ගිය බව ද හෙට්ටිවීදියේ ව්‍යාපාරිකයෝ පවසූහ.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *