පකිස්ථානයේ ඉස්ලාමාබාද් අධිකරණය ඉදිරිපිට සිදුවූ පිපිරීමකින් අවම 12 දෙනෙකු මරුට

පකිස්ථානයේ ඉස්ලාමාබාද් අධිකරණය ඉදිරිපිට සිදුවූ පිපිරීමකින් අවම 12 දෙනෙකු මරුට

පාකිස්තානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිට අද (11) සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

“ඒක මොන වගේ පිපිරීමක්ද කියලා අපි විමර්ශනය කරනවා. ඒක තාම පැහැදිලි නෑ. අපේ අධිකරණ වෛද්‍ය කණ්ඩායමෙන් වාර්තාවක් ලැබුණු පසු අපිට වැඩි විස්තර ලබා දෙන්න පුළුවන් වෙයි,” පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

ඉස්ලාමාබාද් දිස්ත්‍රික් උසාවියේ දොරටුව අසල පිපිරීම සිදු විය.

“මම මගේ මෝටර් රථය නවතා සංකීර්ණයට ඇතුළු වන විටම විශාල පිපිරීමක් ඇසුණා,” පිපිරීම සියැසින් දුටු නීතිඥ රුස්ටම් මලික් පැවසුවේය.

“සම්පූර්ණ අවුල් සහගත තත්වයක් තිබුණා, නීතිඥයින් සහ මිනිසුන් සංකීර්ණය ඇතුළට දුවගෙන ආවා. ගේට්ටුව මත මළ සිරුරු දෙකක් වැටී තිබුණා, කාර් කිහිපයක් ගිනිගෙන තිබුණා,” මලික් AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *