CIABOC Alert: දුම්රියේ සහ ඉංජිනේරු සංස්ථාවේ හිටපු ලොක්කෝ දෙදෙනෙක් දූෂණ චෝදනා මත අත්අඩංගුවට

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරිවරයෙකු හා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම නිවේදනය කරයි.

එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරිවරයෙකු වූ සුමතිපාල මහනාම අබේවික්‍රම සහ ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරවෙකු වූ සරත්චන්ද්‍ර ගුණරත්න ජයතිලක යන අය 2025.11.03 දින පිළිවෙලින් පෙ.ව. 9.15 ට හා පෙ.ව. 10.15 ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එම අත්අඩංගුවට ගැනීම් පහත චෝදනා සම්බන්ධයෙනි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය රියදුරු අයි.එල්.කේ. දිසානායක වෙත ආයතන සංග්‍රහයේ XLVIII පරිච්ඡේදයේ පළමු උපලේඛනය යටතේ නිකුත්කර තිබූ චෝදනා පත්‍රයක් අනුව පැවැති විධිමත් විනය පරීක්ෂණයකින් පසුව වරදකරු කර එකී දුම්රිය රියදුරු වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහකිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න විසින් නිකුත් කර තිබූ විනය නියෝගය සම්පූර්ණයෙන්ම වෙනස්කර ඉහත දුම්රිය රියදුරු සේවයෙන් පහකිරීමට කටයුතු නොකර ක්‍රියාකර ඔහුට වාසියක් සිදු කිරීම සම්බන්ධව ඉහත සුමතිපාල මහනාම අබේවික්‍රම යන අය අත්අඩංගුවට ගන්නා ලදී.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපල නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය “සිරිකොත” ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යොදවීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රු. 1,667,294.87 ක පාඩුවක් ද, එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් ද සිදුකිරීම සම්බන්ධව ඉහත සරත්චන්ද්‍ර ගුණරත්න ජයතිලක යන අය අත්අඩංගුවට ගන්නා ලදී.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *