ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේ නිලවරණය උණුසුම් වන හැඩ

ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේ නිලවරණය උණුසුම් වන හැඩ

නොවැම්බර් මස 07 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේවරයා  තෝරා ගැනීමේ නිලවරණයට අපේක්ෂකයින් 07 දෙනකු ඉදිරිපත් වී සිටින බව ශ්‍රී දළඳා මාළිගාවේ ප්‍රකාශයෙක් පැවසීය.

ඔවුන් අතර හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැ, කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වන දමින්ද බණ්ඩාර උඩුරාවන, නාථ දේවාලයේ බස්නායක නිලමේවරයා වන ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක අය අය ද වෙති.

දියවඩන නිලමේ ධුරය සඳහා තරඟ කරන බව පැවසුවත් ඔවුන්ගේ නම් නිලවරණය පැවැත්වෙන අවස්ථාවේ යෝජනා ස්ථිරත්වයෙන් සම්මත විය යුතුය. එසේ නොවුනහොත් අපේක්ෂකත්වය හිමි නොවේ. නිලවරණය දෙසැම්බර් මස 07 වැනිදා මහනුවර බෞද්ධ මන්දිරයේ දී පැවැත්වෙන අතර අදාළ දිනය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙවර නිලවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට 261 දෙනකු සුදුසුකම් ලබා ඇති බව ද වාර්තා වේ.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *