කොරියානු භාෂා පරීක්ෂණය සඳහා රැකියා අපේක්ෂකයන්ට නව විභාග මධ්‍යස්ථානයක්

කොරියානු භාෂා පරීක්ෂණය සඳහා රැකියා අපේක්ෂකයන්ට නව විභාග මධ්‍යස්ථානයක්

දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් වන තරුණ තරුණියන්ගේ භාෂා ප්රවීණත්වය වැඩිදියුණු කිරීම සඳහා සුහුරු උපාංග භාවිතා කරමින් පවත්වනු ලබන විභාග උදෙසා නවීන පහසුකම්වලින් යුක්ත ඉලෙක්ට්රොනික විභාග මධ්යස්ථානයක් පසුගියදා තලාහේන (සම්පත් බැංකුව අසල) නව නුවර පාරේ, අංක 553/1 දරණ ස්ථානයේ විවෘත කරනු ලැබීය.
කොරියා භාෂා පරීක්ෂණ කටයුතු සඳහා පහසුකම්, කොරියානු රජය විසින් ලබාදී ඇති අතර, එක් පරීක්ෂණ සැසියකට රැකියා අපේක්ෂකයින් 100කට එක්වර සහභාගි විය හැකි අතර, දිනකට රැකියා අපේක්ෂකයින් 400ක ප්රමාණයකට විභාගය සඳහා පෙනී සිටිය හැකිය.
2025 වර්ෂයේ කොරියානු භාෂා පරීක්ෂණය සඳහා රැකියා අපේක්ෂකයින් 36,745ක් පෙනී සිටීමට නියමිත අතර, එම විභාගය මෙම වසරේ ඔක්තෝබර් 23 දා සිට 2026 මාර්තු මස දක්වා පැවැත්වෙනු ඇත.

රන්ජිත් ජයසූරිය

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *