දුඹුරු සීනි අනිවාර්යයි

දුඹුරු සීනි අනිවාර්යයි

රාජ්ය ආයතනයන් සඳහා ආහාර ද්රව්ය ප්රසම්පාදනය කර ගැනීමේදී දුඹුරු සීනි නැතහොත් රතු සීනි පමණක් සපයා ගැනීම අනිවාර්ය කර ඇත.
මෙහිදී, සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගම යටතේ ක්රියාත්මක වන පැලවත්ත හා සෙවනගල කර්මාන්තශාලා මඟින් රතු සීනි මෙටි්රක් ටොන් 56,000ක් වාර්ෂිකව නිපදවන අතර, උක් වගාවේ සාර්ථකත්වය හේතුවෙන් වාර්ෂිකව දුඹුරු සීනි නිෂ්පාදනය එම සීමාව ඉක්මවා ගොස් ඇතැයි රජය සඳහන් කරයි.
ඒ අනුව, රතු සීනි නිෂ්පාදනය සඳහා දේශීය වෙළෙඳපොළේ විකුණුම් අවස්ථා වැඩි කර ගැනීම සඳහා ශ්රී ලංකා පොලීසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, රජයේ රෝහල් වැනි රජයේ ආයතනවලට ආහාර ද්රව්ය ප්රසම්පාදනය කර ගැනීමේදී රතු සීනි සපයා ගැනීම අනිවාර්ය කර ඇත.
එමෙන්ම, ලංකා සතොස විසින් සෘජුවම සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ රතු සීනි මිලදී ගෙන පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහාත්, කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන ඇමතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවට ඇමති මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ඇම්. ඩී. ධර්මසිරි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *