මහින්දට – මෛත්‍රීට, ආරක්ෂක රථ ලබාදීම

මහින්දට – මෛත්‍රීට, ආරක්ෂක රථ ලබාදීම

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්රීපාල සිරිසේන යන මහත්වරුන්ට ආරක්ෂක රථ නැවත ලබා දෙන ලෙසට කරන ලද ඉල්ලීම ප්රභූ ආරක්ෂක සමාලෝචන කමිටුවට භාරදී ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පැවසිය.
ආරක්ෂක සමාලෝචන කමිටු රැස්වීම එම ඉල්ලීම සලකා බැලීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ඉදිරියේදි තීරණයක් ගනු ඇත.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂක නිලධාරින්ගේ පාවිච්චියට දී තිබු ආරක්ෂක වාහන පසුගියදා රජයට භාරදෙනු ලැබීය. ඊට වෙඩි නොවදින වාහනද ඇතුලත් විය.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධ පහසුකම් පිළිබඳ යළි ඉල්ලීමක් කළහොත් සලකා බැලිය හැකි බවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත්දා ප්රකාශ කළේය

ඇම්.ඩි. ධර්මසිරි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *