සැකකරුවන්ට හෝ සිරකරුවන්ට විශේෂ සැලකිලි බෑ අධිකරණ සේවා කොමිසමෙන් චක්‍රලේඛයක්..!

සැකකරුවන්ට හෝ සිරකරුවන්ට විශේෂ සැලකිලි බෑ අධිකරණ සේවා කොමිසමෙන් චක්‍රලේඛයක්..!

මහේස්ත්රාත්වරුන් සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබන ලෙස, නියෝග කිරීම නොකළ යුතු යැයි අධිකරණ සේවා කොමිෂන් සභාව චක්රලේඛයක් මඟින් සියළුම අධිකරණ වෙත දැනුම් දී ඇත.
අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්රසන්න අල්විස් මහතාගේ අත්සනින් නිකුත් කළ චක්රලේඛයට අනුව, මහේස්ත්රාත්වරුන්, යම් සැකකරුවෙකුට හෝ සිරකරුවෙකුට විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස නියෝග නොකළ යුතුය. මහේස්ත්රාත්වරුන්, සැකකරුවන් හෝ සිරකරුවන් බන්ධනාගාරගතව සිටින කාලසීමාවේ ඔවුන්ගේ පවුල්වල විශේෂ අවස්ථාවලට හෝ වෙනත් කටයුත්තක් සඳහා නිවෙස්වලට සහ වෙනත් ස්ථානවලට රැගෙන යන ලෙස නියෝග නොකළ යුතුය.
ආදී ලෙස එහි කරුණු කිහිපයක් මඟින් එම කොමිසම අවධාරණය කරන්නේ සිරකරුවෙක් හෝ සැකකරුවෙක් හට විශේෂ සැලකිල්ලක් දැක්විය නැති බවය.

මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *