ජූලම්පිටිය අමරේට දී තිබූ මරණ දඬුවම තහවුරුයි..!

ජූලම්පිටිය අමරේට දී තිබූ මරණ දඬුවම තහවුරුයි..!

මනුෂ්ය ඝාතන චෝදනාවකට තංගල්ල මහාධිකරණය විසින් ජූලම්පිටිය අමරේ හෙවත් ජී.ජී. අමරසිරි නැමැත්තාට පැනවූ මරණ දණ්ඬනය ශ්රේෂ්ඨාධිකරණය අද(7) තහවුරු කළේ ය.
තංගල්ල මහාධිකරණය විසින් පවරා අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබුණ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජූලම්පිටිය අමරේ මෙම ඇපෑල ශ්රේෂ්ඨාධිකරණය වෙත යොමුකර තිබුණ අතර එය විභාගයට ගත් ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්නගෙන් යන ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල, එම ඇපෑල විභාගයට ගැනීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බව ප්රකාශ කර, එය විභාගයට නොගෙන ම නිෂ්ප්රභ කිරීමට තීරණය කර ඇත.

මංජු කස්තුරිආරච්චි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *