පොසොන් පොහොය කාල සීමාව තුළ විශේෂ රාජකාරි සඳහා පාරිහෝගික අධිකාරියෙන් කඩා පනින බලකායක්! අනුරාධපුරයට යවයි!

පොසොන් පොහොය කාල සීමාව තුළ විශේෂ රාජකාරි සඳහා පාරිහෝගික අධිකාරියෙන් කඩා පනින බලකායක්! අනුරාධපුරයට යවයි!

පොසොන් සමය නිමිති කොට ගෙන අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට වෙළඳපළේ දී අසාධාරණයට ලක්වීම වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් විශේෂ කඩාපනින වැටලීම් ඒකකයක් ස්ථාපිත කර තිබේ.
මේ යටතේ මෙම බලකාය විම ර්ශන කටයුතු සහජනතාව හා වෙළෙදුන් දැනුවත් කිරිමේ වැඩසටහන් අනුරාධපුර සහ මිහින්තලය ප්රදේශ ආවරණය කරමින් ක්රියාත්මක කරනු ලබන බව ද ඒ මහතා ප්රකාශ කළේ ය.
පසුගිය සිකුරාදා (06) දින සිට ක්රියාත්මක මෙම වැඩසටහන යටතේ මේ වන විට වැටලීම් 37කට වැඩි ප්රමාණයක් සහ එම ප්රදේශයන්හි වෙළද ප්රජාව ද දැනුවත් කිරීම ද සිදු කර ඇති බව ද අධිකරිය පවසයි.
ඒ සඳහා කඩා පනින විශේෂ කණ්ඩායම් ද යොදවා ඇති අතර වෙළඳ පොළේ සිදු වන අසාධාරණයන් සම්බන්ධව ලැබෙන පැමිණිලි සඳහා අවශ්ය ක්ෂණික මැදිහත්වීම සිදු කිරීම වෙනුවෙන් ද නිලධාරීන් යොදවා ඇති මෙම වැඩසටහන 2025 පොසොන් කාල සීමාව අවසන් වෙන තෙක් ක්රියාත්මක කරනු ලබන බව ද අප කළ විමසුමක දී අධිකාරිය ප්රකාශ කළේ ය.

කාංචනා සිරිවර්ධන

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *