විදුලි බිලට එරෙහිව උද්ඝෝෂණයක්

විදුලි බිලට එරෙහිව උද්ඝෝෂණයක්
මාලිමා ආණ්ඩුව විදුලි ගාස්තුව ඉහළ දැමීමේ සූදානමක නිරතව සිටින බැවින්, ඊට එරෙහිව පසුගිය දා කැළණියේ ජනතාව තොරණ හන්දියේ දී උද්ඝෝෂණයක නිරතව සිටියහ.
කැළණි ආසනයේ සමගි ජන බලවේගයේ ප්රධාන සංවිධානයක, ටෙනිසන් ජෝර්ජ් මහතා විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කරතිබු අතර කොළඹ නුවර මාර්ගයට රැස්වූ පිරිස ගිනි දැල්වූ පන්දම් අතැතිව ඊට සහභාගි විය.
වත්මන් ආණ්ඩුව බලයට එන්නට පළමුව පැවසූ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ‘ නිර්මාණය කරන්නේ අසරණ ජනතාව අඳුරේ දමමින්දැයී අසමින් ඔවුන් පැවැත් වූ විරෝධතාවට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති සමගි ජන බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ද එක්ව සිටියේය.
කුසුම් හැන්නැදි
author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *