කස්සප හිමි ඇතුළු හිමිවරු පස් දෙනාට සහ ගිහි සැකකරුවන් පස් දෙනාට ඇප

කස්සප හිමි ඇතුළු හිමිවරු පස් දෙනාට සහ ගිහි  සැකකරුවන් පස් දෙනාට ඇප

ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදුපිළිමයක් තැන්පත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

ඒ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිස සම්බන්ධයෙන් අදාළ ඇප ඉල්ලීම අද (11) මහාධිකරණය හමුවේ සලකාබැලූ අවස්ථාවේදීය.

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නමක් ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු මෙම සිද්ධිය සම්බ්න්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *