විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම සඳහා අයදුම්පත්‍ර කැඳවනු ලැබේ

විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම සඳහා අයදුම්පත්‍ර කැඳවනු ලැබේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ ව්‍යවස්ථාව යටතේ, විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ ඇතිවීමට නියමිත පුරප්පාඩු පිරවීම සඳහා මේ පිළිබඳ උනන්දුවක් දක්වන තැනැත්තන්ගෙන් අයදුම්පත්‍ර කැඳවනු ලැබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153අ ව්‍යවස්ථාව යටතේ, විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා පහත සඳහන් පත්වීම් සඳහා සුදුසු තැනැත්තන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ගරු ජනාධිපතිතුමා වෙත නිර්දේශ කළ යුතුය:
i.    නියෝජ්‍ය විගණකාධිපති ධුරය හෝ ඊට ඉහළින් වූ ධුරයක් දරන ලද විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් නිලධරයන් දෙදෙනෙක්;
ii.    ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ හෝ මහාධිකරණයේ විශ්‍රාමලත් විනිශ්චයකාරවරයෙක්; සහ
iii.    ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විශ්‍රාමලත් I වන පන්තියේ නිලධරයෙක්.

මීට අදාළ අයදුම්පත්‍ර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියෙහි ක්ෂණික සබැඳි යටතේ ‘විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම’ නමින් පළකර ඇති අයදුම්පත්‍රයට අනුකූලව පිළියෙල කරනු ලැබිය යුතු ය. නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2026 පෙබරවාරි 20 දින හෝ එදිනට පෙර,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය
ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ

යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කරනු ලැබිය යුතුය.
ලියාපදිංචි තැපෑලෙන් එවනු ලබන ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *