කේරල ගංජා කිලෝ 22 ග්‍රෑම් 728ක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට.

කේරල ගංජා කිලෝ 22 ග්‍රෑම් 728ක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට.

කැබ් රථයකින් මන්නාරම දෙස සිට වව්නියාව දෙසට කේරළ ගංජා රැගෙන එන බවට ඊයේ (09) වව්නියාව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කුරුමන්කාඩු හන්දිය අසලදී මාර්ග බාධක යොදවා අදාල කැබ් රථය නවත්වා පරීක්ෂා කිරීමට වව්නියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් පියවර ගෙන ඇත.

ඒ අනුව කැබ් රථයේ රියදුරු අසුනට සහ සහයක අසුනට පිටුපසින් සූක්ෂම ලෙස සගවා තිබූ කේරළ ගංජා අඩංගු පාර්සල් 12ක්  පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන ඇත. අනතුරුව එම පාර්සල් කිරා බැලීමේදී කේරල ගංජා කිලෝ 22 ග්‍රෑම් 728ක් තිබී ඇති අතර කැබ් රථය සහ එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකුද පොලිස් නිලධාරීන් භාරයට ගෙන ඇත.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *