දිස්ත්‍රික්ක හතරක ස්ථාන කිහිපයකට ප.ව 02.00න් පසු ගිගුරුම් සහිත වැසි

දිස්ත්‍රික්ක හතරක ස්ථාන කිහිපයකට ප.ව 02.00න් පසු ගිගුරුම් සහිත වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (09) උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය.

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.

සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත්, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *