LAUGFS ගෑස් සමාගම විසින් 2026 පෙබරවාරි මාසය සඳහා ගෘහස්ථ LPG නැවත පිරවුම් මිල ගණන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කරන බව නිවේදනය කර ඇත.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80 කින් වැඩි කර ඇති අතර, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 32 කින් ඉහළ ගොස් ඇත.
මිල සංශෝධනය කිරීමෙන් පසු, කිලෝග්‍රෑම් 12.5 ක LAUGFS ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,330 ක් වන අතර කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1,742කි.

