වහාම මේ පික්පොකට් දේශපාලනය නතර කරන්න – විපක්ෂ නායක සජිත් රජයට කියයි

වහාම මේ පික්පොකට් දේශපාලනය නතර කරන්න – විපක්ෂ නායක සජිත් රජයට කියයි

වත්මන් රජය පසුගිය මැතිවරණ සමයේ ජනතාවට පොරොන්දු වූ කිසිවක් මේ වන විට ඉටු කර නොමැති බව රජයේ රැවටිලිකාර වංචාකාර ක්‍රියාකාරකම් දෙස බලන විට පෙනී යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.

වැඩිහිටි ප්‍රජාවගේ ඉතුරුම් වෙනුවෙන් 15%ක පොලියක් ලබා දෙන බව පැවසුවත් අද එය 7% දක්වා අඩු කර ඇති ආකාරය පෙන්වා  දුන් විපක්ෂ නායකවරයා රට බේරාගත් ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ පවා අන්ත අසරණ කිරීමට වත්මන් රජය කටයුතු කර තිබෙන බව ප්‍රකාශ කළේය.

සම්බුද්ධ ශාසනයටත් ගරුතර මහා සංඝරත්නයටත් වත්මන් රජය අපහාස සිදු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. මෙවැනි තත්ත්වයක් මැද රජය දිනෙන් දින ජනතාවගේ මුදල් ගල් අගුරු, ඉන්ධන, විදුලිය ආදියෙන් පිට් පොකට් ගසමින් සිටින බවක් දක්නට ලැබේ. එබැවින් දැන්වත් මේ පික්පොකට් දේශපාලනය නවතා රට ගැන ජනතාව ගැන සිතා කටයුතු කරන ලෙස විපක්ෂ නායකවරයා වැඩි දුරටත් රජයෙන් ඉල්ලා සිටියේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *