ජනපති සහ පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් හමුව – සම්පූර්ණ කතාව

ජනපති සහ පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් හමුව – සම්පූර්ණ කතාව

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය අනුව  පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර හමුවක් ඊයේ (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පවතින ගැටලුවලට වගකිව යුත්තේ වත්මන් ආණ්ඩුව හෝ තමන් නොවුවද වෘත්තිකයන් ලෙස වර්තමානය වන විට තමන් වෘත්තීමය සහ සමාජයීය ගැටලු රැසකට මුහුණදී සිටින බව මෙහිදී එම නියෝජිතයෝ සඳහන් කළහ.

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව සම්බන්ධව මෙහිදී  දීර්ඝ සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා එම සියලු දෙනාගේ වෘත්තිය අභිමානය සහ ගරුත්වය ආරක්ෂා කිරීම රජයේ අරමුණ බව සඳහන් කළේය.

පාසල් තුළ සේවය කර අත්දැකීම් ඇති උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කර ගැනීම රජයේ අපේක්ෂාව බවත්, එබැවින් ගුරු ව්‍යවස්ථාවට අනුව විභාගයට පෙනී සිටින ලෙස තමා ඔවුන්ට ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ යන මහත්වරු සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *